නොබෙල් ත්‍යාගය අහෝසි කරන බෞද්ධ විප්ලව සමීකරණය

Fortune Time සඟරාව එහි කළුදුල් ප්‍රකාශයෙන්ම කතෘගේ සටහන පැහැදිලි කරන පරිදි තවත් එක් සඟරාවකට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වනබව සඳහන් කළෙමු. අද අපට විනයක් නැති, ආත්මශක්තියක් නැති, අරමුණක් නැති, අදට පමණක් ජීවත්වන සාරධර්ම හීන රටක ජීවත්වන්නට සිදුව ඇති බව එහි සඳහන් කළා අප කාටත් මතකය. අවුරුදු දහසකට අධික කාලයක් තිස්සේ ශ්‍රේෂ්ඨතම ජාතිය වශයෙන් මුළු ලෝකයටම ආදර්ශයක් වූ ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ ජාතිය යටත් විජිත සමයේදීවත් නොපැවති අන්දමට නිදහසින් පසු මිලේච්ඡ ජාතීන්ට බැල මෙහෙකම් කිරීම හා වහල් සේවකයන් වීම වීරත්වයක් වශයෙන් උද්දාමයට පත්වීමට තරම් නිවට, වහල් ජාතියක් බවට පත්වීමට තරම් ඛේදවාචකයක් ලංකා ඉතිහාසයේ තවත් නැති තරම්ය. එහෙත් සමස්ථ ලෝකයාටම දායාද කිරීමට තරම් නිර්මල බුදු දහම ඇති රාජ්‍යය වශයෙන් ශ්‍රී ලංකාව තවමත් සැළකේ. මේ උභතෝකෝටිකය විසඳීමට අප සඟරාවෙන් යම් දායකත්වයක් සැපයීමට අපි ගිහි පැවිදි දෙපක‍ෂයේම උගතුන්, විද්වතුන්, ධර්මාචාර්යවරුන් හමුවීමු. ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව සැකසූ ලිපියක් වන අතර මේ ලිපිය මඟින් බෞද්ධාගම හෝ වෙනත් කිසිම ආගමක් හෝ පාර්ශවයක් අපහසුතාවයට පත්කිරීමට නොව හුදෙක්ම සංවාදයක් ගොඩනැගීම සඳහා පමණක්ම පළකරන ලද සාකච්ඡාවකි. පහත සඳහන් සාකච්ඡාව එහි ප්‍රතිඵලයකි.

අද අපේ රට ආගමික අවුල් තත්වයකට පත්වෙමින් පවතිනවා. මෙහෙම ගියොත් තව කොච්චර කාලයක් මේ රට පවතීවිද කියලා හිතන්නත් අමාරුයි. නිර්මල බුදු දහම පවතින රටක් වෙලත් ඇයි මෙහෙම වෙලා තියෙන්නේ?
ඔබ ශ්‍රී ලංකාව නිර්මල බුදු දහම තිඛෙන රටක් කියලා කියන්නේ ඇයි? බුදු දහම මල සහිත සහ මල රහිත කියලා ප්‍රභේද 2 ක් ඇති එකක් නෙමෙයි. බුදු දහම කියන්නේ බුදු දහමට, ඒක එකක්.

එතකොට මහායාන, හීනයාන කියලා කියන්නේ කුමක්ද?
ඕවා ගැන අපි කථාකරන්න ගියොත් ඒක බුද්ධාගම ගැන පාඩමක් වෙනවා. ඔබ උපාධියක් ගන්න නෙවෙයි නේ. ඒ නිසා ඒ ගැන කථා කරන්න ගියාම මේ සාකච්ඡාවෙන් ඔබ බලාපොරොත්තු වන දේ ඔබට ලැඛෙන්නේ නැහැ. බුදු දහම කියන්නේ මොකක්ද කියලා ඔබ අහනවනම් මම ඒක කියන්නම්.

බුදු දහම කියන්නේ බෞද්ධ ශාසනය. දැන් ඔබ ඇහුවා නිර්මල බුදු දහම තියෙන රටක් වෙලත් ඇයි මේ අවුල් ජාලය හා අස්ථාවරත්වය යන ප්‍රශ්ණය. අපි මේක සංශෝධනය කරමු. බෞද්ධ ශාසනය තියෙත්දිත් ඇයි මේ අවුල කියලා? දුක කියලා? උත්තරය ඉතාම පැහැදිලියි. අද බෞද්ධ ශාසනයක් නැහැ. ඒක ශාස්ත්‍රීය විදිහට කියනව නම් ශාසනය අන්තර්ධාන වෙලා.

බෞද්ධ ශාසන අන්තර්ධානය කියන්නේ කුමක්ද?
ඔබේ අධ්‍යාපන විෂය ධාරාව කුමක්ද ? බුදු දහම ඇතුලත් කලා විෂය ධාරාවද? නැතිනම් විද්‍යා විෂය ධාරාවද?

මම ඉගෙනගෙන තියෙන්නේ විද්‍යා විෂය ධාරාවෙන්,
එහෙනම් මම බෞද්ධ ශාසන අන්තර්ධානය ඔබට පහසුවෙන් වැටහෙන විදිහට කියන්නම්, බෞද්ධ ශාසන අන්තර්ධානය කියන්නේ බෞද්ධයන් මිහිතලයේ වඳවී ගිය විශේෂයක් කියන එකයි.

එතකොට ඔබ පවසන්නේ බෞද්ධ කියන්නේ ඩයිනසෝරස් වගේ මහ පොලොවේ වද වී ගිය විශේෂයක් බවද? එසේනම් අද ඉන්න භික‍්ෂු, භික‍්ෂුණී, උපාසක, උපාසිකා සිවුවනක් පිරිස බෞද්ධ නොවේද?

බෞද්ධ කියන්නේ මහ පොලොවේ වඳවීගිය විශේෂයක් නම් එතකොට කියවෙනවා නේද අද ඉන්න භික‍්ෂු, භික‍්ෂුණී, උපාසක, උපාසිකා කියන අය බෞද්ධ නොවන බව. බුදු හාමුදුරුවන්ගේ කාලේ උනත් ගැහැණු, පිරිමි භික‍්ෂු, භික‍්ෂුණී, උපාසක, උපාසිකා වුන තරමින්ම බෞද්ධ වුනේ නැහැ. ඒ බෞද්ධ මාර්ගයට ඇතුලත් වීමක් මිසක් බෞද්ධ වීමක් නොවේ.

එතකොට මේ මහා නායක හාමුදුරුවන් වත් බෞද්ධ නොවේ ද ?
ඒ ගැන ඔබට හිතා ගන්නට පුළුවන්. ඔය නායකකම් ඒ ඒ නිකායවල් වලින් දෙන ඒවා. බුදු හාමුදුරුවන්ගේ නිකාය මොකක්ද? උන්වහන්සේට නිකායක් නැහැ.

බෞද්ධයා වඳ නොවී හිටියනම් මේ ලෝකේ අවුලක් නැද්ද? මට හිතෙන්නේ නම් එහෙම වුනා නම් නැතිවෙන්නේ බුද්ධාගමේ අවුල විතරයි. තවත් ආගම් තියෙන නිසා බුද්ධාගම තියෙන එකත් අවුලක් නේද?
මට හිතෙන්නේ බෞද්ධයා කියන එක ඔබට අවුලක් වගේ. මම බුදු දහම ගැන කෙටියෙන් කියන්නම්. බුදු දහම කියන්නේ ආගමක්වත්, දර්ශනයක්වත්, ශාස්ත්‍රයක්වත්, ජීවන ක්‍රමයක්වත් නොවේ. ඕනේ නම් ඔය ඕනෑම දේකට බුදු දහම අරෝපනය කරන්න පුළුවන්. එහෙම කලොත් ශ්‍රාවකයා තවත් අවුලක පැටලෙනවා. ඒ නිසා මා හිතන්නේ ඔබට තේරුම් ගන්න පහසු ලෙසට කියනවානම් බුදු දහම කියන්නේ ජෛව තාක්ෂණයට. වාදයක් වශයෙන් කිවුවොත් බෞද්ධ විප්ලව වාදයට. ක්‍රමවේදයක් වශයෙන් ගත්තොත් විද්‍යා විධි ක්‍රමයට. බෞද්ධයා කියන්නේ මිනිස් ලෝකයේ අර්බුදය විතරක් නොවේ, දුකක් නැවත හට නොගන්නා විදිහට නිවාරණය කරපු
කෙනෙක්. බෞද්ධ විප්ලවය නැතිනම් බෞද්ධ විශේෂ ප්‍රාප්තිය ලෝකයේ අවුලට, දුකට එකම හා පරිපූර්ණ විසදුම ලෙසයි මා දකින්නේ.

මට පැහැදිලියි, බෞද්ධයා මිහිතලයේ වඳවීයෑමනේ ගැටලූව. ඒ නිසා විසඳුම බෞද්ධයා පුනර්අභිජනනය කිරීම. ඒක කරන්නේ කොහොමද?
ඒක කරන්නේ බුද්ධ ධර්මයේ අවබෝධයෙන්, ධර්මය අදත් ත්‍රිපිඨකය වශයෙන් සුරක‍්ෂිතව තිඛෙනවා. ධර්මයේ අනවබෝධය නිසා සිදුවන්නේ නිර්වාණාවබෝධය මෛත්‍රී බුදුන් පහළවනතෙක් කල් දැමීම සිදුකිරීමයි. එයින් පේනවා බෞද්ධයා වඳවී යන්නේ ධර්මයේ අනවබෝධය නිසා බව.

කොහොමද එතකොට ධර්මය අවබෝධ කරගන්නේ?
ඇයි ඒකට බුදු හාමුදුරුවො බෞද්ධ ප්‍රතිපදාවක් හදලා තියෙනවා නේ. අද ගැටළුව ඒකෙ විකෘතිය නේද? ඒ නිසා අද ප්‍රතිපදාවෙන් බෞද්ධ භික්ෂුවක් තියා භික්ෂුවක්වත් හැදෙන්නේ නැහැ. භික්ෂුවක් චීවර ධාරියෙක් විතරක් වෙලා තියෙන්නේ ඒකයි. මේ අනවබෝධයට මූලික හේතුව සන්නිවේදන ගැටළුවක්. සන්නිවේදන මාධ්‍යය වන භාෂාව අද වන විට බුදුදහම සංකල්පයක් බවට පත්කරලා තියෙනවා. සන්සන වේදය (Scientific Method) සංකල්පය යථාර්තයක් බවට පත්කරන්න ගණිතමය භාෂාවක් උපයෝගී කරගන්නවා. ඒ නිසා අපටත් ත්‍රිපිටකය ගණිතමය භාෂාවක් බවට පත්කරන්න පුළුවන්නම් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වේවි. ඒ කියන්නේ
ත්‍රිපිටකය ගණිත සමීකරණයක් බවට පරිවර්ථනය කරන්න පුළුවන් නම් අර්බුදය ඉවරයි.

කවුද ඒක කරන්නේ? කවදාද ඒක කරන්නේ?
ඒක දැනටමත් කරලා තියෙන්නේ. මේ සමීකරණය බලන්න.

මම මේකට කියන්නේ බෞද්ධ විප්ලව සමීකරණය කියලා. විද්‍යා සමීකරණය, ත්‍රිපිටක සමීකරණය, නිර්වාණ සමීකරණය, බෞද්ධ ජෛව තාක‍ෂණ සමීකරණය වගේ වෙනත් ඕනෑම නමක් භාවිතා කරන්න පුළුවන්.

බෞද්ධ විප්ලව සමීකරණයෙන් කොහොමද බෞද්ධයා පුනර්අභිජනනය වෙන්නේ?
සමීකරණය විසඳීම තමයි ධර්මාවබෝධය කියන්නේ. සමීකරණය විසඳන්න. ඔබ කල්යන්නේ නැතිවම (අකාලිකව) බෞද්ධයෙක් වේවි.

ඒකෙන් කොහොමද ලෝකයේම අවුල නිරවුල් වෙන්නේ?
ලෝකයේ අවුලට හේතුව විෂමතාවයයි. අපි මෙහෙම ගනිමු. මිනිසුන්ට කුල, ආගම්, දෘෂ්ටි, දේශපාලන පක‍ෂ, පන්ති, ජාති කියන කොතෙකුත් විෂමතා තිඛෙනවා. මේ විෂමතා කොයිතරම්ද කියනවානම් විෂම නැති මිනිසුන් දෙදෙනෙක් සොයාගන්නට බැරි තරම්. විෂමතා තිබුණු පලියටම අවුලක් අති වෙන්නේ නැහැ. අවුල ඇති වෙන්නේ එම විෂමතාවය දැඩිව මමත්වයෙන් අල්ලා ගැනීම නිසා. බෞද්ධ විප්ලව සමීකරණයට මේ විෂමතා සියල්ල අහෝසිකරන්නට පුළුවන්. ආගම් එකම ආගමක් බවටත්, පන්ති එකම පන්තියක් බවටත්, දේශපාලන පක්ෂ එකම දේෂපාලන පක්ෂයක් බවටත්, සංගම් සංවිධාන එකම සංවිධානයක් බවටත්, රාජ්‍ය එකම රාජ්‍යයක් බවටත්, කුල එකම කුලයක් බවටත්, ජාති එකම ජාතියක් බවටත් පත්කළ හැකියි. එA එක එකක්, එA කියන්නේ එකක් බවට පත්වූනු කුලය, ආගම, ජාතිය, පන්තිය, සංගමය, රාජ්‍යය සියල්ලම එකක් බවට පත්කරන්නට පුලූවන්. එතකොට ඒක විද්‍යාව නැතිනම් බෞද්ධ වෙනවා. එතකොට විෂමතාවය නිසා ඇතිවුනු අවුල ඉවරයි. බෞද්ධ විප්ලව සමීකරණය මිනිස් ලෝකයේ අවුල පමණක් නොවේ දුකත් සහමුලින්ම අහෝසි කරනවා. ඒ දුකට හේතුවන අවිද්‍යාව මේ සමීකරණය මඟින් සහමුලින්ම අහෝසි කරනවා. වෙනත් විදියකින් කියනවා නම් බෞද්ධ විප්ලව සමීකරණයෙන් මිනිස් ලෝකය විද්‍යා ලෝකයක්, නැතිනම් බෞද්ධ ලෝකයක් බවට පත්වෙනවා. ඒ ලෝකයේ දුකත්, අර්බුදයත් දෙකම නැහැ.

බෞද්ධ විප්ලව සමීකරණය ශ්‍රී ලංකා සමීකරණයක් නිසා ශ්‍රී ලංකා අර්බුදයට පමණක් නොව මුළු ලෝකයේ අර්බුදයන් විසදන්නේ කොහොමද?
බෞද්ධ විප්ලව සමීකරණය ශ්‍රී ලාංකික වෙන්නේ කොහොමද? මේකෙන් ජාතියයි, රාජ්‍යයයි, ආගමයි ඔක්කොම අහෝසි වෙනවා.

මේ සමීකරණයෙන් බෞද්ධ විප්ලවය කොයිතරම් කාලයකින් තිරසාර ලෝක යථාර්තයක් බවට පත්වේද?
කියන්න අමාරුයි. ඒත් එකක් කියන්න පුළුවන්. 2014 වර්ෂය රජය විසින් ශ්‍රී ලංකාවේ බෞද්ධ විප්ලව වර්ෂය බවට පත්කෙරුවොත් 2020 වන විට ශ්‍රී ලංකාව බෞද්ධ චක්‍රවර්ති රාජ්‍යයක් බවට පත්කරන්න පුළුවන්. එහෙම වුනොත් 2050 විතර වෙනකොට ලෝකය බෞද්ධ ලෝකයක් වේවි. රජය මේකට සහයෝගය පල නොකළොත් අර්බුදයෙන් සහ දුකින් මිදීමේ කාර්යක‍ෂමතාවය අඩුවේවි. එවිට ශ්‍රී ලංකාව 2020 නොව 2050 දී බෞද්ධ චක්‍රවර්තී රාජ්‍යයක් බවට පත්වේවි.

ඔබ මේ සමීකරණයට නොඛෙල් සහතිකය ඉල්ලන්න හිතුවේ නැතිද?
මේ සමීකරණය නොඛෙල් සහතිකය අවලංගු කරනවා. අප සහතිකය ඉල්ලනවානම් එකක් නොවේ නොඛෙල් ත්‍යාග 6ම ඉල්ලන්න ඕනෑ. ඒ වගේම එක සැරයක් නොවේ, නැවත නැවතත් ඒ කියන්නේ සම්පූර්ණ නොඛෙල් තෑග්ගම අහෝසි කරන්න සිද්දවෙන බව ඔබට තේරෙනවාද?

FORTUNE TIME – 2013 මැයි-අගෝස්තු කලාපය බෞද්ධ විප්ලව
සමීකරණයේ නිර්මාතෘ සමග පැවැත්වූ සාකච්ඡාවකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *